ජනාධිපති මෛත්රිපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රි කණ්ඩායම් රැස්වීම අද (22) පෙ.ව. 11.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත බව එම සන්ධාන ආරංචි මාර්ග පවසයි.
මෙම සතියේ පාර්ලිමේන්තු වැඩසටහන, පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම, ඇමෙරිකානු හමුදා කඳවුරක් ශ්රී ලංකාවේ ස්ථාපිත කිරීමට ආණ්ඩුවේ තිබෙන සූදානම ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග කියයි.








