FAST NEWS

24×7 Around the Globe

අසාත් සාලිට එරෙහි විශ්වාසභංගය අද (22) සභාවට..

 

බස්නාහිර පළාත් සභාවේ නව ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අද (22) පැවැත්වෙන සභාවාරයට ඉදිරිපත් කරන බව එම පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා පැවසීය.

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට අත්සන් තබා ඇති බවද එ මහතා පැවසීය.

මූල්‍ය චෝදනා ඇතුළු චෝදනා හතක් අසාද් සාලි මහතාට විරුද්ධව එල්ලවී තිබෙන බවත්,එවැනි චෝදනා ලැබූවෙකු ආණ්ඩුකාර ධුරයට පත් කිරීමෙන් බස්නාහිර පළාතට අගෞරවයක් සිදුවී තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.