FAST NEWS

24×7 Around the Globe

සුව සැරිය ගිලන් රථ සේවාව අද (21) සිට සබරගමු පළාතටත් ක්‍රියාත්මකයි…

 

ඉන්දීය රජයේ ප්‍රදානයක් වශයෙන් ආරම්භ කරනු ලැබූ සුව සැරිය ගාස්තු රහිත ගිලන් රථ සේවාව අද (21) සිට සබරගමු පළාතේ  ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දුරකතන අංක 1990 ඇමතීමෙන් සබරගමු පළාතේ ජනතාවට එම සේවා පහසුකම ලබා ගත හැකිය.

මෙම සේවාව බස්නාහිර සහ දකුණු පළාත්වලින් 2016 ජුලි මස 29 වැනිදා ආරම්භ කළ අතර, පසුගිය වසරේ ජුලි මාසයේදී උතුරු පළාතට ද පසුව ඌව පළාතට සහ උතුරුමැද පළාතට ද ව්‍යාප්ත කෙරිණ.