ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අද (21) ආරම්භ වීමට නියමිත අතර එය ලබන 28 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.
එහි ප්‍රධාන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේදී අද පෙරවරුවේ පැවැත්වෙනු ඇත.
“මත්ද්‍රව්‍ය නිවාරණය දරුවන්ගෙන් ඉගෙන ගනිමු” යන්න මෙහි තේමාවයි.
පාසල් සිසුන්, රාජ්‍ය නිළධාරීන් මෙන්ම පොදු ජනතාව ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය භාවිතයේ ආදිනව පිලිබද නිර්මාණාත්මක වැඩසටන් රැසක් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුල පැවැත්වීමට නියමිතය.








