දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (21) සංකේත වර්ජනයක නිරත වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ නමින් නව තනතුරක් ඇති කර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අධීක්ෂණයට පත් කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය දියත් කරන බවද හෙතෙම පැවසීය.








