FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා මහබැංකුව ලෙස පෙනී සිටිමින් සිදුකරන වංචනික ක්‍රියාවක් හෙළිවෙයි…

 

ශ්‍රී ලංකා මහබැංකුව ලෙස පෙනී සිටිමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරු කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවත්, අදාළ විද්‍යුත් තැපැල් පණිවුඩ හරහා හෝ එහි ඇමුණුම් හෝ ඊට අදාළ සම්බන්ධක හෙවත් ලින්ක්ස් විවෘත කිරීමෙන් වළකින ලෙසත් මහබැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

‘‘නෝටිස් ෆ්රොම් සෙන්ට්‍රල් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඊ.පී.එෆ්.’’ මැයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව නමින් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මෙම වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරු වෙන බවත් වාර්තා වෙයි.

අදාළ පණිවිඩ ලංකාවේ මූල්‍ය ආයතන ඉලක්ක කරමින් හුවමාරු වෙමින් පවතින බවටයි වාර්තා වී ඇත්තේ.

එවන් කිසිදු දැනුම්දීමක්  ශ්‍රී ලංකා මහබැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව කිසිදු අයුරකින් සිදුකර නොමැති බව මහජනතාවට සහ මූල්‍ය ආයතන වෙත දැනුම් දෙන බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කර සිටියි.