පොලිස්පතිවරයාගේ කටහඩ සාම්පලය පිලිබද වාර්තාව තවත් සතියත් සති තුනත් අතර කාලයක් තුල අධිකරණයට භාරදීමට හැකිවනු ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ කටහඩ සාම්පලය පිලිබද විශ්ලේෂණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් එම දෙපාර්තුමේන්තුව කියයි.
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් කුමාර නමැත්තාගේ දුරකථනයේ තිබී සොයාගත් සංවාද තුල පොලිස්පතිවරයාගේ කඩහඩ තිබේදැයි පරීක්ෂා කිරීමට පසුගිය සඳුදා මෙම හඩ සාම්පලය ලබා ගැණුනි.








