බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ලබන මස 07 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද(18) නියෝග කළේය.
එම නඩුවට අදාළ විත්තියේ දේශන ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන මෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
ඒ අනුව විමෙම නඩුවට අදාළව විත්ති පාර්ශවයේ වාචික දේශන ලබන 07 වනදාට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට අධිකරණය දන්වා සිටියේය.
2015 වසරේ ජනවාරි මස 27 වන දා හෝ ඊට ආසන්න දිනයකදී කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ දී බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබාගැනීම තුළින් පොදු දේපල පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ධම්මාලෝක හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.








