FAST NEWS

24×7 Around the Globe

අද (18) සිට 21 දක්වා කොටහේන ප්‍රදේශයේ මාර්ගයක් වැසෙයි…

 

කොටහේන පොලිස් වසමේ කේ.සිරිල් පෙරේරා මාවත අද (18) රාත්‍රී 10 සිට පැය 05 ක් දක්වා කාලයක් ලබන 21 දක්වා වසා තැබෙන බව පොලිසිය පවසයි.

ඒ අනුව මාර්ගය යළි 21 වනදා පෙරවරු 5.00 ට විවෘත  වනු ඇත.

පොලීසිය සදහන් කරන්නේ ජලනල එලීමක් හේතුවෙන් වාසල හන්දියේ සිට වෝල්ස් ලේන් පාර හන්දිය දක්වා වූ මාර්ගයේ මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කරන බවයි.

අදාළ මාර්ගයේ ගමන් ගන්නා සියලු රථවාහන සඳහා පොලීසිය විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දැනුම්දෙයි.