විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) උදෑසන 8.45 ට යෙදුණු සුබ නැකතින් විපක්ෂ නායක කාර්යාලයේදී සිය වැඩකටයුතු ආරම්භ කළේය.
මීන් පෙර විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ ආර්.සම්බන්ධන් මහතා විපක්ෂ නායක කාර්යාලය බාර නොදීම හේතුවෙන් එය නීත්‍යානුකූලව හිමිවන තෙක් මීට පෙර විපක්ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භ කර නොතිබිණි.








