FAST NEWS

24×7 Around the Globe

අක්කරෙයිපත්තු නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට..

 

අක්කරෙයිපත්තුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් ගෆූර් අස්මි ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අධිකරණ වරෙන්තුවකට අදාළව ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස අදාල නියෝජ්‍ය නගරාධිපතිවරයාට නියෝග කර තිබූ නමුත් ,එම නියෝගය අනුව ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරු අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.