FAST NEWS

24×7 Around the Globe

එජාපයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට හැකියි – එජාප මහලේකම්

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට විපක්‍ෂය එක්නොවන්නේ නම් එක්සත් ජාතික පක්‍ෂයට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එහි මහ ලේකම් කබීර් හෂීම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කළේ එය කිසිඳු ගැටළුවක් නොවන බවයි.

ජාතික ආණ්ඩුවේ ඇමති තනතුරු බෙදා ගැනීම සම්බන්ධයෙන් මේවනවිට බරපතල අර්බුදයක් මතුව තිබේ.

ඒ සම්බන්ධයෙන් එජාප හා ශ්‍රීලනිප නායකයින් අතර සාකච්ජා වට කිහිපයක් පැවති නමුත් අවසන් එකඟත්වයකට ඒමට අපොහොසත්ව ඇත.

ප්‍රධාන අමාත්‍ය ධුර සියල්ල එක්සත් ජාතික පක්ෂය තුල රඳවා ගනිමින් දෙවන පෙළ ඇමතිකම් බාර ගන්න ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් නොසතුට පත්ව සිටිති.