FAST NEWS

24×7 Around the Globe

සරසවි කඩඉම් ලකුණූ මැයි අවසානයේ..

 

2018 වසරේ උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අවම කඩඉම් ලකුණු මැයි මාසය අවසානයේදී නිකුත් කළ හැකි බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් කොමිසමේ සභාපති මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබාදීමෙන් අනතුරුව එම ප්‍රතිඵල සහ උසස් පෙළ සමස්ත ප්‍රතිඵල පදනම් කර ගනිමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අවම කඩඉම් ලකුණු සකස් කිරිම සිදු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.