රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටරේට් මහතා හමුවීමට නියමිතව ඇත.
මෙහිදී ද්වි පාර්ශවික සාකච්ඡා ආරම්භ වන අතර, අධ්‍යාපන, සංචාරක සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවලට අදාළ ගිවිසුම් කිහිපයකට ද එහිදී එළඹෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඊයේ (15) රාත්‍රියේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟාවූ අතර එහිදී ඔවුන් පිළිගනු ලැබුවේ එරට වෙළඳ සහ ආයෝජන අමාත්‍යවරයා විසිනි.








