දුන්කොළවල හට ගන්නා කෘමි උවදුරට යොදා ගන්නා කාබනික දිලීර නාශකයක් යෙදීමෙන් තම බඩඉරිඟුවගාවේ සේනා දළඹුවන් විනාශ කිරීමට හැකි වූ බව තෝඩාමඩුව යකල්ලේ බී විජේසිංහ ගොවි මහතා පවසයි.
ඉතා සීඝ්‍රයෙන් බඩඉරිඟුවගාවන් විනාශ කරන මෙම දළඹුවන් නිසා දිවයිනේ බොහෝ ප්‍රාදේශවල බඩඉරිඟුවගාවන් විනාශ විය.
විදේශ රටකින් සංක්‍රමණය වූ බවට සැලකෙන මෙම සේනා දළඹුවා වැනසීමට කෘමි නාශක වර්ග 12ක් සොයගෙන ඇතත් එමගින් එම කෘමින් විනාශ වුවත් සොනා දළඹුවාගේ බීජවලින් හටගන්නා කෘමීන් විනාශ කිරීමේ හැකියාවක් නොමැති බව මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයේ කීට විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන මහත්මිය පැවැසුවාය.






