ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හදුන්නෙත්ති මහතා හට ලබන 06 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇත.
ඒ කුඨ ලේඛණ ඉදිරිපත් කර අවිධිමත් විදෙස් ගමන් බලපත්රයක් ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය සදහායි.
අදාළ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද (14) කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ පැවැත්විය.








