නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණි තිස්ස වටරවුම දක්වා මාර්ගය රථ වාහන ගමනාගමනය හෙට (15) පෙ.ව. 08 සිට පස්වරු 05 දක්වා සීමා කරන බව පොලීසිය සඳහන් කරයි.
ඉදිකිරිම් කටුයුත්තක් හේතුවෙන් මෙසේ මාර්ගය වසා දමන බවත්,එබැවින් ඉහත කාලය තුළ අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වන සියලු බර වාහන පිටවීම සඳහා පෑලියගොඩ අන්තර් හුවමාරුව භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.








