FAST NEWS

24×7 Around the Globe

ගෝඨා ජනපතිවරණයට සුදානම් බව කියයි..

 

මෙම වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බවත්, ඒ සඳහා තමන් සූදානම් බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වියත් මග’ සංවිධානය විසින් පෙරේදා (12) බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පවත්වන ලද සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් පැවසීය.

එහිදී සභාව ඇමතූ හිටපු ආරක්ෂක ලේකම්වරයා”මේ අවුරුද්ද වැදගත් අවුරුද්දක්. මේ අවුරුද්දෙ ජනාධිපතිවරණයක් තියෙන්න ඕනෑ. මම නම් ඒකට ලෑස්තියි, ඔබත් ලෑස්තිනම්” යැයි සඳහන් කළේය.

එමෙන්ම, ලෝකයේ අනෙකුත් රටවල් සේ ඉදිරියට යෑමට නම්, ශ්‍රී ලාංකිකයෙකු යන හැඟීම තහවුරු කරගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනා ශ්‍රී ලාංකිකයෙකු බවත්, එය සෑම කෙනෙකුම තහවුරු කරගෙන ඉදිරියට යා යුතු බවත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පවසා සිටියේය.

‘මේ බව සඳහන් කළ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා, ආසියාවේ දියුණු වූ හැම රටකම නායකයෙකු රට හා ජාතිකත්වයජනතාව අතරට ගෙන ගියබවත්, මෙරට දියුණු කිරීමට හැකිවනුයේ ජනතාවගේ ප්‍රශ්න ඒ අයුරින් හඳුනාගෙන කටයුතු කිරීමෙන් බවත් පැවසීය.