ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු ඇමැති ධුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
එසේ ඇමති ධූර ප්‍රතික්ෂේප කර ඇත්තේ බන්දුල ගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන හා ගාමිණී ලොකුගේ යන මහත්වරුන් බවද පැවසේ.
ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා අදාල මන්ත්‍රීවරුන්ට ඊයේ (24) දුරකථනයෙන් අමතා ඒ සම්බන්ධයෙන් කැමැත්ත විමසා ඇති ඇති බවත් ඔවුන් එම විමසීම සම්බන්ධයෙන් ස්තූති කරමින් අමාත්‍ය ධූර ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
මේ අතර බන්දුල ගුණවර්ධන මහතා තමාට අමාත්‍ය ධූරයකට ආරාධනා ලැබුණු බවත් එය ප්‍රතික්ෂේප කළ බවත් මාධ්‍යට පවසා තිබේ.
ඔහු එය ප්‍රතිප්ෂේප කර ඇත්තේ නිදහස් පක්ෂයට ඡන්දය ලබා දුන් හතලිස් හත් ලක්ෂයේ වගකීම ඉටු කිරීම සඳහා තමන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පවසමින් යැයිද වාර්තා වේ.







