FAST NEWS

24×7 Around the Globe

ඊ – හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මස සිට…

 

 

ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලුම ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම එළැඹෙන ‌‌‌‌‌පෙබරවාරි මස සිට ආරම්භ කරන බව සෞඛ්‍ය,  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

මූලික අදියරේ ඊ-හෙල්ත් කාඩ්පත් නිකුත් කිරීම කළුතර මහ රෝහල, බණ්ඩාරගම දිසා රෝහල කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මාස 06 ක කාලයක් තුළ ඊ-හෙල්ත් කාඩ්පත ජනතාවට ලබාදීමට නියමිතව ඇත.

මෙම කාඩ්පත නිකුත් කිරීම තුලින් රෝගියෙකුගේ සම්පූර්ණ රෝගී වාර්තා ඊට ඇතුලත් කර තිබීම නිසා ඕනෑම ප්‍රදේශයක වෛද්‍යවරයෙකුට කඩිනමින් ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඊ-හෙල්ත් කාඩ්පත ශ්‍රී ලංකාවට හදුන්වාදීම පසුගිය වසරේ අප්‍රේල් මසදී පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන සංවත්සර උළෙලට සමගාමීව සිදුකෙරෙනු ලැබීය.