ගත වූ කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුවූ බව කියන වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එකඟතාවය පල කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ(12) රාත්‍රියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක නිරතවී තිබේ.
ජනාධිපති නිල නිවසේදී පැවතී මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේයැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.








