FAST NEWS

24×7 Around the Globe

අසාද් සාලිට එරෙහිව විශ්වාසභංගයක්..

අලුතින් පත්කරන ලද බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව එ.ජා.ප.යෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඇතැයි නම් සඳහන් කිරීමට අකමැති වූ එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රීවරයෙක් මාධ්‍ය වෙත පැවසීය.

පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රී පිරිසක් මෙයට අදාළව කරුණු රැස්කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

කලක් පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියාකළ අසාද් සාලි මහතා එ.ජා.ප. පාලන සමයේ කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයකු ලෙසද ක්‍රියාකර ඇත.