FAST NEWS

24×7 Around the Globe

අමාත්‍යවරු කිහිප දෙනෙක් දිවරුම් දෙති..

තමා අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ කම්කරු, වෘත්තීය සමිති සබඳතා (කැබිනට් නොවන) අමාත්‍ය ධුරයේ දිවරුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර සමීරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් මහතා වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවරුම් දී ඇති බවද වාර්තා වේ.

විශේෂ කලාප සංවර්ධන (කැබිනට් නොවන) අමාත්‍ය ධූරයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ තමා දිවුරුම් දුන් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතාද මීන් පෙර මාධ්‍ය වෙත සඳහන් කළේය.