නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වර්ධනයක් අද (11) දිනයේ සිට ලබන (13) දක්වා බලාපොරොත්තු වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
අද (11)) දිනය තුළ නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත් වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සබරගමුව සහ බස්නාහිර පළාත් වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලත් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එහි සඳහන්.
ඌව, මධ්‍යම,දකුණ සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.
එසේම වයඹ සහ නැගෙනහිර පළාත් වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.








