FAST NEWS

24×7 Around the Globe

කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට කුමාර වික්‍රමසිංහ මහතා…

 

 

කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කුමාර වික්‍රමසිංහ මහතා පත් කරනු ලැබූ අතර ඒ මහතා ඊයේ දින (09) කොළඹ ජාතික රෝහලේ දී රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවේය.

සෞඛය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.