ආනයනික උඳු කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 125.00 ක්ව තිබූ බද්ද රුපියල් 200.00 ක් දක්වා රුපියල් 75 කින් ඉහළ නංවා බව රජය පවසයි.
දේශීය ගොවියා ආරක්ෂා කිරීම සඳහා මෙම බදු ඉහළ නැංවූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කෘෂි ආර්ථික විද්‍යාඥ දුමින්ද ප්‍රියදර්ශන මහතා මාධ්‍ය වෙත පැවසීය.






