උතුරු හා සබරගමු යන පළාත්වල හිටපු ආණ්ඩුකාරවරු ලෙස කටයුතු කළ රෙජිනෝල්ඩ් කුරේ මහතාට හා නිලුකා ඒකනායක මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නව තනතුරු ලබා දී තිබේ.
ඒ අනුව රෙජිනොල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් පත් කර තිබේ.
එසේම සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාරවරිය වන නිලුකා ඒකනායක මහත්මිය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය වශයෙන්ද පත් කර තිබේ.
ඔවුන් දෙදෙනාට පත්වීම් ලිපි පිරිනැමීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් ඊයේ (09) සිදුව තිබේ.
මෙම දෙදෙනාම ජනාධිපතිවරයා කළ දැනුම් දීමට අනුව ඉකුත්දා ආණ්ඩුකාර ධූරවලින් ඉල්ලා අස්විය.








