FAST NEWS

24×7 Around the Globe

වාහන සඳහා කාබන් බද්ද එයි..

 

විද්‍යුත් මෝටර් රථ හැර සෙසු සියලූ රථ වාහන සදහා කාබන් බද්දක් අය කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය වෙත ප්‍රකාශ  කළේය.

2017 මුදල් පනතින් යෝජිත එම බද්ද මෙම වසරේ ජනවාරී පළමු වනදා සිට ක‍්‍රියාත්මක බව හෙතෙම පැවසීය.

ඒ අනුව නිෂ්පාදිත වර්ෂය අවුරුදු පහට අඩු සෑම වාහනයකින්ම ඝණ මීටරයකට ශත 25 ක බද්දක් සහ අවුරුදු පහත් – දහයත් අතර වාහනවලින් ඝණ මීටරයකට ශත 50ක බද්දක් මේ යටතේ අය කෙරනු ඇත.

වාහන හිමියන් විසින් ආදායම් බලපත‍්‍ර ලබාගන්නා අවස්ථාවේදී මෙම කාබන් බද්ද ගෙවිය යුතු බවද මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප‍්‍රකාශ කළේය.

මේ අතර මෙම වසරේදී ආදායම් බලපත‍්‍ර ලබා ගැනීමේදී මෙම කාබන් බද්ද ගෙවීම අනිවාර්ය නොවන අතර ලබන වසරේ සිට ආදයම් බලපත‍්‍රය ලබා ගැනීමේදීම එය ගෙවීම අනිවාර්ය වන බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් කියා සිටියේය.