FAST NEWS

24×7 Around the Globe

මිලියන 20 ක අල්ලස් සිද්ධියේ කුසුම්දාසට හා පියදාසට විදෙස් ගමන් තහනමක්..

 

අල්ලස් වශයෙන් රුපියල් මිලියන 20 ක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දෑව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝගයක් නිකුත් කළේය.

ඇප ලබා සිටින මෙම සැකකරුවන් විදෙස් ගත වීමට සූදානමක් ඇති බවට තොරතුරක් ලැබී ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

එසේම එම නියෝගය පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට දන්වා යවන ලෙස ද අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාටද නියෝග කෙරුණි.