FAST NEWS

24×7 Around the Globe

දුමීන්ද නොහොත් පප්පා අත්අඩංගුවට…

 

සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් ලෙස සැලකෙන බමුණු ආරච්චිගේ දුමින්ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය පවසයි.

බමුණු ආරච්චිගේ දුමින්ද යන සැකකරු මොහොමඩ් සල්මාන් රිල්වාන්, පප්පා යන නම්වලින්ද පෙනී සිට ඇති බව පැවසේ.

පසුගිය 03 දා ඔහු හොරොයින් ග්‍රෑම් 5.340ක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන කළ කළ බවත් එහිදී කළ ප්‍රශ්ණ කිරිම්වලදි සැකකරු සම්බන්ධ වූ මනුෂ්‍ය ඝාතන කිහිපයක් පිළිබඳව තොරතුරු හෙළිව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.