FAST NEWS

24×7 Around the Globe

පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම් වලින් ව්‍යාපාරිකයින් 49කට නඩු…

 

පසුගිය දෙසැම්බර් මස 30 වනදා සිට ජනවාරි 05 වනදා දක්වා කාලය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීම් වලින් දඩ වශයෙන් මහජනතාවගෙන් රුපියල් එක් ලක්ෂ 89,500 ක මුදලක් අය කර ගෙන තිබේ.

එම අධිකාරියේ නිළධාරීන් සිදු කරන ලද වැටලීම් 21 කට අදාළව නඩු පැවරීම් 49 ක් සිදු කළ බවත් එම අධිකාරිය සඳහන් කළේය.

2018 වර්ෂය සඳහා සිදුකළ වැටලිම් වලදී රුපියල් අට කෝටි අසූ අට ලක්ෂ 22,950 ක මුදලක් අයකරගෙන ඇති බවත් එම ‌අධිකාරිය වාර්තා කල ‌‌තොරතුරුවල සදහන් ෙව් .