FAST NEWS

24×7 Around the Globe

ප්‍රේමලාල් ජයසේකරට ඇප නොදෙයි.

පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු වූ ශාන්ත දොඩම්ගොඩ වෙඩි තබා මරා දැමීයැයි සැකපිට ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී ඇතුළු සැකකරුවන් 6 දෙනා සැප්තැම්බර් 8 වන තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අද (25) නියෝග කළේය.

අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණයේදී චොකා මල්ලී සන්ධානයෙන් වැඩිම මනාප ලැබීය.

නඩු වාර්තා උපදෙස් පතා නීතිපතිට යැවූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.

බන්ධනාගාර බසයට රැගෙන යද්දී චොකා මල්ලී පැවසුයේ රටේ අනාගතය වෙනුවෙන් ඕනෑම සුබදායක දේශපාලන තීන්දුවක් ගැනීමට තමා සූදානම් බවයි.