පාසල් විෂය නිර්දේශය සදහා නීති අධ්‍යාපනය ඇතුලත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සදහන් කළේ පාසල් වයසේ සිටම දරුවන්ට නීති අධ්‍යාපනය පිළිබදව දැනුමක් ලබාදීම වටිනා අවස්ථාවක් බවයි.
මූලික නීතිය වැනි කරුණු පිළිබදව කුඩා අවධියේ සිටම දැනුමක් ලබා ගැනීම තුළින් රට තුළ ජීවත් වීමේදී දෛනිකව ඇතිවන ගැටළු සදහා මුහුණදීමට දරුවන්ට අත්වැළක් වන බවත් අමාත්‍යවරිය සදහන් කරයි.
සිදු කරනු ලබන වැරදි සදහා පවතින දඩුවම් ඒවායේ බරපතල කම වැනි කරුණු පිළිබදව නොදැනීම නිසා ජනතාව විශාල වශයෙන් අපරාධ සිදු කරන බවත් නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම මගින් ඉදිරියේදී රට තුළ අපරාධ වැරදි ක්‍රියා අවම කර ගත හැකි බවත් ඇය වැඩිදුරටත් සදහන් කරයි.








