ක්‍රිඩා පුහුණු සඳහා පුහුණුකරුවන් 3850ක් රජයේ පාසල් වෙත බඳවා ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අද (07) පෙරවරු 09 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්විය.
කැබිනට් රැස්වීම පවත්වනු ලබන්නේ සෑම සතියේ දිනකම අඟහරුවාදා වුවද ජනාධිපතිවරයාගේ විශේෂ වැඩසටහන් කිහිපයක් එදිනට යෙදී ඇති බැවින් කැබිනට් රැස්වීම අද දිනයේ කැඳවා තිබුණි.








