FAST NEWS

24×7 Around the Globe

මේ වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය…

 

2019 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට අද (07) දිනයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

ඒ අනුව එය සතියක කාලයක් ඇතුළතදී ගැසට් කිරීමට නියමිත අතර, සති දෙකකින් පසු විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත.

පෙබරවාරි 05 වනදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති අතර, අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සිදුවන්නේ මාර්තු 05 වනදායි.

අදාළ කෙටුම්පතේ තුන්වන වර කියවීම මාර්තු 13 වනදා ආරම්භ කරනු ඇත.

අප්‍රේල් 04 වනදා 2019 අයවැය ලේඛනය පිළිබඳ අවසන් ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති.