FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ පෞද්ගලික ලේකම් ධුරයට ජනක රණවක පත්කරයි..

 

ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ධුරයට පත්කර ඇත.

ඔහු අද (07 ) එම තනතුරේ වැඩ භාරගැනීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.

එරික් වීරවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා ජනක රණවක මහතා එම ධූරයට පත්කර තිබේ.

වෘත්තියෙන් ගණකාධිකාරීවරයකුද වන ජනක රණවක මහතා, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාද් උපාධිධාරියකු ද වේ.