FAST NEWS

24×7 Around the Globe

පොලිස් ස්ථානාධිපතිවරුන් 72 කගේ ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවයි…

 

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් 72 ක් දෙනෙක්ට පෙරේදා ලබාදුන් ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා ඇත. 

ඒ, ආරක්ෂක ලේකම්වරයාගේ සහ ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ මතයි.

සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම්  ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.