කිරිපිටි මිල ඉහළ නැවීමට රජය අවසර ලබා නොදුනහොත් ඉදිරියේදී කිරිපිටි ආනයනය නතර කිරීමට සිදුවනු ඇති බවට ආනයනකරුවන් අනතුරු අඟවා සිටින අතර එම කිරිපිටි සමාගම් පෙන්වා දෙන්නේ දැනට කිරිපිටි ආනයනයේදී තමන්ට මාසිකව රුපියල් මිලියන 30 – 40 ත් අතර පාඩුවක් සිදුවන බවයි.
මේ නිසා අවම වශයෙන් කිරිපිටි මිල රුපියල් 100කින් ඉහළ නැංවීමට අවසර ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.
එමෙන්ම රුපියල සීඝ්‍ර ලෙස අවප්‍රමාණ වීම සහ අධික බදු හේතුවෙන් කිරිපිටි මිල වැඩි කිරීම අත්‍යාවශ්‍ය වී ඇති බවත් කිරිපිටි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 170 ක පමණ බදු ගෙවීමට සිදුවීමද ඊට තවත් හේතුවක්.
මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම් 40% කින් පමණ සිය ආනයන කටයුතු අඩුකර ඇති බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක් පැවසීය.








