පොලිස් ස්ථානාධිපතිවරුන් 72 දෙනෙකුට ලබාදුන් ස්ථාන මාරුවීම් නියෝගය වහාම ක්‍රියාත්මක පරිදි නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට ජාතික පොලිස් කොමිසම නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ආරක්ෂක ලේකම්වරයාගේ නිර්දේශය සැලකිල්ලට ගෙන ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම ස්ථාන මාරුවීම් තාවකාලිකව අත්හිටුවා ඇති බව හෙතෙම කියයි.
පොලිස් ස්ථානාධිපතිවරුන් 72 දෙනෙකුට පසුගිය 04 වන දා සිට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලීසිය පියවර ගෙන ඇත.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනෙකු ඒ අතර වන බවයි.
ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් පරීක්ෂකරුවන් සංඛ්‍යාව 45 කි.
පොලිස්පතිවරයා නිර්දේශ මත පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.








