අලුතින් ඉදිකෙරෙන මාතර – කතරගම දුම්රිය මාර්ගයේ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරිම සදහා පළමු වරට දුම්රියක් ධාවනය කිරිම හෙට (05) සිදු කිරිමට නියමීතය.
ඒ අනුව පෙරවරු 10.00 ට දුම්රිය එම ගමන ආරම්භ වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කළේය..
මාතර සිට කතරගම දක්වා යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරිම් අදියර තුනක් යටතේ සිදුවන ව්‍යාපෘතිය යටතේ වන පළමු අදියර මාතර සිට බෙලිඅත්ත දක්වා කිලෝ මීටර් 26 ක දුරින් යුතුය.








