FAST NEWS

24×7 Around the Globe

කොටුව හා මාලඹේ අතර සැහැල්ලු දුම්රිය පද්ධතියට ජපානයෙන් බිලියන 200ක ණයක්..

 

කොළඹ කොටුව බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට මාලඹේ ඩිපෝව දක්වා ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය පද්ධතිය සඳහා ජපන් යෙන් බිලියන 200.415 ක ණය ගිවිසුමකට එළැඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මෙම දුම්රිය මාර්ගය කිලෝ මීටර් 17 ක දුරකින් යුක්ත වන අතර එය දුම්රිය ස්ථාන 16 කින් ද සමන්විතය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.