දෙමටගොඩ පිහිටි ඛණිජතෙල් සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පසුගිය ඔක්තෝම්බර් මස 28 වනදා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරියා ලබන 11 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය.
එසේම ඛණිජතෙල් සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී කලහකාරී ලෙස හැසිරුණු අනෙක් පාර්ශවයේ සැකකරුවන්ද කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝගක කළේය.
අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට විරෝධය පල කරමින් ඛණිජතෙල් සංස්ථා පරිශ්‍රයේ රැදී සිටි පිරිසක් හේතුවෙන් එම ආයතන පරිශයේ කලහකාරී තත්වයක් ඇති වු අතර තත්වය අතරතුර සිදුවූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ එක් පුද්ගලයකු එදින ජීවිතක්ෂයට පත්විය.
එම වෙඩි තැබීම සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිළධාරියෙකුට චෝදනා එල්ල විය.








