සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 03 කට නව සභාපතිවරුන් පත් කිරිම සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සිදුව බව අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස අචාර්ය එච්.එම්.එම් රූමි මහතා තම පත්වීම් ලිපිය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් ලබා දී ඇති අතර ඔහු මීන් පෙර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.
එසේ එම සංස්ථාවේ නව කළමණාකාර අධ්යක්ෂවරයා ලෙස මහරගම අපේක්ෂා රෝහලේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි මහතා පත් කර ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස මහාචාර්ය අසිත ද සිල්වා මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් පත්වීම් ලබා ගන්නා ගෙන තිබේ.
දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධීක්ෂණ අංශයේ අධ්යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය කුමාර ද සිල්වා මහතා පත් කර තිබේ.








