FAST NEWS

24×7 Around the Globe

බේරුවල හෙරොයින් සම්බන්ධ සැකකරුවෝ යළි රිමාන්ඩ් කෙරෙති…

 

බේරුවල මුහුදේදී හෙරොයින් කිලෝ 231 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ එහි ප්‍රධාන සැකකරු වන ට්‍රෝලර් යාත්‍රා හිමිකරු ලබන 11 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම සැකකරුවන් තිදෙනාට එරෙහිව නඩු පැවරීමට අදාළව ඔවුන් කර ඇති වරදේ ස්වභාවය එක් එක් සැකකරුට වෙන් වෙන් වශයෙන් එදිනට අධිකරණයට වාර්තාකරන ලෙස අධිකරණය අද (03) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට නියෝග කළේය.