හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව මේ මස 11 වන දා කල් තැබිමට ඒ, සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (03) තීන්දු කළේය.
මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කළ බවට නීතිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ හත්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.








