FAST NEWS

24×7 Around the Globe

සියලු සංවිධානාත්මක අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමේ සූදානමක්..

 

මේ වන විට දිවයින පුරා පිහිටි බන්ධනාගාර තුල රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස හඳුනාගෙන ඇති සියලු රැඳවියන් ඉදිරි සති කිහිපය තුල බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට තීරණය කළ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

එම අමාත්‍යංශය විසින් අදාළ තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මත්කුඩු ජාවාරම් ඇතුලු ප්‍රබල අපරාධ රැසක් ඇතැම් බන්ධනාගාර රැඳවියන් විසින් මෙහෙයවනු ලබන බවට කරුණු අනාවරණය වීමත් සමගය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග වැඩිදුරටත් සාකච්ඡා සිදුකිරීමට නියමිත බවත් ඉන්පසුව අදාළ තීරණය ගනු ඇති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියා වැඩිදුරටත් කියා සිටියේය.