පෝය දිනවල සහ ඉරිදා දිනවල උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සදහන්කර සිටියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීෙ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මීට අමතරව දහම් පාසල් සහතිකයට උසස් පෙළ විභාගයේදී, සාමාන්‍ය පෙළ විභාගයේදී සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 10 බැගින් ලබාදීම පිළිබඳව ද අධ්‍යාපන අමාත්‍යවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කළේය.








