ජනවාරී 01 වන දා රාත්‍රී 10.35 ට කළුතර උතුර පොලිස් වසමේ ගාලු පාර, තොටුපල හංදිය අසල සිදු කල වෙඩි තැබීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ගිනි අවියක් ද සමඟ අද (03) අළුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධය ප්‍රකාශක කාර්යාලය කියයි.
කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ගාලු පාරේ හෝටලයක් ඉදිරිපිට මාර්ගයේ දී පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා පලා ගොස් තිබු අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරිණි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ, වයස අවුරුදු 57 ක් වු ගාලු පාර, කළුතර ලිපිනයේ පදිංචි දොඹගහ පතිරණගේ ෆ්රැට්රික් පීරිස් නැමැත්තෙකි.
මෙම වෙඩි තැබීම සඳහා පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ ඇති බවද කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් පොලීසිය විසින් හඳුනාගෙන තිබු අතර, කළුතර උතුර පොලීසිය සිදු කල විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.








