මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට නව ෆේස්බුක් පිටුවක් ඊයේ (01) ප්‍රවාහන සහ සිවිල්ගුවන් සේවා අමාත්‍යාංශයෙන් ආරම්භ කරනු ලැබීය.
අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිටුව හඳුන්වා දෙන ලදී.
මහජන හිතකාමී සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් එම ෆේස්බුක් පිටුව හඳුන්වා දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.
”Arjuna Ranatunga – Inquiries Center” ලෙස නම් කර ඇති එම ෆේස් බුක් පිටුවට පිවිසීමෙන් අදහස්, යෝජනා මෙන්ම දූෂණ ආක්‍රමිකතා ගැන ඍජුවම අමාත්‍යවරායව දැනුවත් කිරීමේ අවස්ථාව මහජනතාවට හිමි වේ.








