FAST NEWS

24×7 Around the Globe

නව ව්‍යවස්ථාවක් නෑ – සිදුවන්නේ සම්පාදනය කිරිමක් බව අනුර කියයි..

 

නව ව්‍යවස්ථාවක් තවම නොමැති බවත් දැන් සිදුවන්නේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමේ ක්‍රියාවලිය බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (02) සිය පක්ෂ මූලස්ථායේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

“නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන මතයේ අපි ඉන්නවා. ඒක අපි හංගලා කියන දෙයක් නෙමෙයි. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළු මනින්ම ඉවත් කර නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි.

රනිල් වික්‍රමසිංහ, සුමන්තිරන්, මහින්ද රාජපක්ෂ මහතාට හෝ අපිට ව්‍යවස්ථාවක් ගේන්න බෑ. පාර්ලිමේන්තුවේ සිදුවන්නේ නව ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම නෙමෙයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරිමේ කියාදාමයක් තියා නව ව්‍යවස්ථාවක් වත් නෑ.

නව ව්‍යවස්ථාවේ ක්‍රියාවලිය කොටස් දෙකකින් සමන්විතයි. එක ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය. දෙක ව්‍යවස්ථාව සම්මත කිරිමේ ක්‍රියාවලිය. දැන් සිදුවෙන්නේ ව්‍යවස්ථාව සම්පාදනය කිරිමේ ක්‍රියාවලියයි.”